තලාතුඔය පුබුදුගම ප්‍රදේශයේ නිවසකට රාත්‍රි කාලයේ ඇතුළු වී නිවසේ සිටි අයගේ අත් පා බැඳ දමා රුපියල් අනූ එක් ලක්ෂ හැත්තෑ හයදාහක් වටිනා රන් භාණ්ඩ, මුදල් හා මෝටර් රථයක් පැහැර ගත් පුද්ගලයන් දෙදෙනෙකු සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
රුපියල් හැත්තෑ ලක්ෂයක් පමණ වටිනා මෝටර් රථය පේරාදෙණිය ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලිසිය මඟින් මේ වන විට සොයා ගෙන තිබේ.
ඔස්ට්‍රේලියාවේ රැකියාවන්හි නියුතු යුවළක් ඉකුත් 9 දා ලංකාවට පැමිණ පුබුදුගම පදිංචි තම ඥාතියකුගේ නිවසට පැමිණ ඇති අතර ඔවුන්ට අයත් රන් භාණ්ඩ හා මුදල් මෙසේ පැහැර ගැනීමට ලක්ව තිබේ.
රාත්‍රි 1.30 ට පමණ නිවසට ඇතුළු වී ඇති මුහුණු ආවරණය කරගත් පුද්ගලයන් දෙදෙනෙකු නිවසේ සිටි නිවැසියන්ට මරණ තර්ජන එල්ලකොට ඔවුන්ගේ අත්පා බැඳ දමා දෙවන මහලේ නිදා සිටි ඔස්ට්‍රේලියාවේ සිට පැමිණි යුවළගේ කාමරයට ඇතුළුවී ඔවුන් සතු රන් මාල දෙකක්, පෙන්ඩන්ට් දෙකක්, අත් පලඳනාවක් හා රුපියල් හතළිස් හයදාහක් හා ඔස්ට්‍රේලියානු ඩොලර් 510ක් රැගෙන ගොස් තිබේ.
අනතුරුව කාමරයේ මේසය මත තිබූ මෝටර් රථයේ යතුර රැගෙන මිදුලේ නවතා තිබූ මෝටර් රථය ද රැගෙන පලා ගොස් තිබේ.
තලාතුඔය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත අප්පුහාමි මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුලතිලක මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.
ගලහ සමූහ – සී.කේ. වික්‍රම