Sunday, April 20, 2025
Home » කෝටියක වනමල් පූජාවක්

කෝටියක වනමල් පූජාවක්

by sachintha
November 15, 2023 12:00 am 0 comment

මල් පූජාවේ අනන්ත බුදු ගුණ සිහි කරමින් කෝටියක් වන මලින් පිදු අසිරිමත් වන මල් පූජාවක් පසුගියදා හොරණ රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.

හොරණ රජමහා විහාරවාසී මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් හොරණ ගල්කඩුව සුහද සුබ සාධක සංගමය සහ විහාරස්ථ දායක සභාව ප්‍රදේශයේ සැදැහැවත් ජනතාව එක්ව කඨින මහා පිංකමට සමගාමීව මෙම වනමල් පූජාව පැවැත්විණි.

හොරණ රජමහා විහාරයේ චෛත්‍යරාජයාණන් කෝටියක් වන මල් යොදාගෙන බුද්ධ රශ්මියේ ෂඩ් වර්ණයෙන් සැරසීම මෙහි දී සිදු කෙරුණි.

ඒ සඳහා දින දෙකක් තුනක් තිස්සේ සැදැහැවතුන් විසින් දිවයිනේ සතර දෙසින් රැගෙන ආ වන මල් රජමහා විහාර පරිශ්‍රයේ දී එක්රැස් කිරීම සිදු කෙරුණි. අනතුරුව පූජාව පවත්වන දින හිමිදිරියේ සිට කෙසෙල් පතුරු යොදා සකස් කර ගත් දිගු වැල්වල එම මල් අමුණා චෛත්‍ය වටේ සැරසීම සිදු කෙරුණි.

ප්‍රදේශයේ තරුණ පිරිස විශාල වශයෙන් මෙම පිංකම සඳහා එක්ව සිටි අතර පැවැති වර්ෂාව මධ්‍යයේ වුවද මේ පිංකමට බොහෝ දෙනෙක් සහභාගි වූහ.

පංචතූර්ය වාදනය සහිත උතුම් බුද්ධ පූජාව එදින රාත්‍රී හතට පමණ ආරම්භ වූ අතර එය මෙහෙයවනු ලැබුවේ පාදුක්ක නැඟෙනහිර හොරගල ශ්‍රී ගුණතිලක පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරී රූපවාහිනී ගුවන්විදුලි විචිත්‍ර ධර්ම කථික කාව්‍ය ශ්‍රී මීපේ ඤාණවිමල හිමියන් විසිනි.

 

අඟුරුවාතොට සමූහ මංගල ප්‍රසන්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT