Monday, April 21, 2025
Home » සිවිල් ආරක්ෂක උප නියාමක භට නිවස්නයේ ඇඳ මත මියැදිලා

සිවිල් ආරක්ෂක උප නියාමක භට නිවස්නයේ ඇඳ මත මියැදිලා

by sachintha
November 15, 2023 12:08 am 0 comment

මොරටුව සිවිල් ආරක්ෂක බළකායට අයත් භට නිවාසයක යහන මත අභිරහස් ලෙස මිය ගොස් සිටි උප නියාමක වරයෙකුගේ මළ සිරුරක් (14) හමුවී ඇතැයි මොරටුමුල්ල පොලිසිය පැවසීය.

මෙසේ මිය ගොස් ඇත්තේ පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොරටුව සිවිල් ආරක්ෂණ මුලස්ථානයට අනුයුක්තව සේවය කළ (39) එදිරිවීර ආරච්චිගේ අමල් සත්රුවන් නැමැති උප නියාමක වරයෙකි.

කුලී පදනම මත ලබාගත් නිවෙසක් වන එම බට නිවස්නයේ මීට වසරක ට පෙර ද මේ ආකාරයෙන් භටයකු මියි ගොස් සිට ඇති බව පොලිසිය පැවසීය.

මෙම නියාමකවරයා රාත්‍රි දහයයි තිහ වනතුරු සේවයේ සිට ඇති බව සඳහන් කරන පොලීසිය ඔහු උදෑසන අවධිවීමට ප්‍රමාද නිසා අනිකුත් බටයන් ඒ ගැන විමසිලීමත් වී ඇතැයි පොලිසිය පැවසීය.

එහි දී උප නියාමකවරයා මිය ගොස් ඇතැයි දැක ඇති බව පොලිසිය පැවසීය.

මෙම මරණය හදිසි හෘදයාබාධ තත්ත්වයක් ද අභිරහස් මිනි මැරුමක් ද යන්න සෙවීමට විමර්ෂණ ආරම්භ කර ඇති අතර ඒ අනුව මෘත දේහය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට කටයුතු කළ බව පොලිසිය පැවසීය.

මේ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාගේ අධීක්ෂණයෙන් මොරටුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි මහතා ඇතුළු නිලධාරිහු සිදු කරති.

ශ්‍රී ජයවර්ධනපුර තරංගා රුවන්පතිරණ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT