අධික වර්ෂාවත් සමඟම වවුනියාව ආසිකුලම ගෝමරසන්කුලම වැවේ වැව් බැම්ම කැඩී යෑමෙන් එම වැව යටතේ වගා කළ කුඹුරු අක්කර 58ක් ජලයෙන් සම්පූර්ණයෙන්ම යට වී තිබේ.
වැව් බැම්ම කැඩී යෑමට මත්තෙන් ගම්මානයේ ගොවීන් එකතු වී වැව් කණ්ඩියට වැලි කොට්ට අතුරා වැව කැඩී යෑම නතර කර ගැනීමට උත්සහ කොට ඇතත් එම උත්සාහය ව්‍යර්ථ වී ඇත. මෙම වැව කාලාන්තරයකින් ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් එහි බැම්ම කැඩී ගිය බව ආසිකුලම ගොවි සංවිධානයේ සභාපති එස්. වේලායුදම් මහතා පැවසීය.
වැව් බැම්ම කැඩී යෑම හේතුවෙන් වැවේ ජලය වැව් බැම්ම කැඩී ගිය ස්ථානයෙන් කුඹුරු ද යට කරගෙන ගලා යෑමට පටන්ගෙන තිබේ. ගෝමරසන්කුලම වැව කැඩී යෑම පිළිබඳව ගොවීන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ද මේ වන විට දැනුම් දීමක් කර තිබේ.
උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ
232
කලින් පුවත