කන්තලේ නගර මධ්‍යයේ ඉදිකරන ලද නව වෙළෙඳ සංකීර්ණය පසුගියදා (11) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා හා ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරල මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.
ලෝක බැංකු මූල්‍යාධාර යටතේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සහ නැඟෙනහිර පළාත් සභාවේ අධීක්ෂණයෙන් පළාත් පාලන සහායක (LDSP) ව්‍යාපෘතියක් ලෙස ඉදිකරන ලද මෙම වෙළෙඳ සංකීර්ණය සඳහා රුපියල් මිලියන 17.6ක මුදලක් වැය වී ඇත.
මෙම අවස්ථාව සඳහා නැඟෙනහිර පළාත් පාලන කොමසාරිස් මනිවනන්, කන්තලේ ප්‍රාදේශීය ලේකම් උපේක්ෂා ස්වර්ණමාලි, කන්තලේ ප්‍රාදේශීය ලේකම් කේ.බී.ආර්. ජයවික්‍රම මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
ත්‍රිකුණාමල දිස්ත්‍රික් සමූහ – කන්තලේ සමූහ