Home » අපචාර හා දුරකතන භාවිතය ගැන ඩඩ්ලි සේනානායක සිසුන්ට දේශනයක්

අපචාර හා දුරකතන භාවිතය ගැන ඩඩ්ලි සේනානායක සිසුන්ට දේශනයක්

by sachintha
November 15, 2023 1:00 am 0 comment

පිටබැද්දර දෙහිගස්ප මාර/ ඩඩ්ලි සේනානායක මහා විදුහලේ සිසු සිසුවියන් සඳහා ළමා හා කාන්තා අපචාර දුරලීම සහ ජංගම දුරකතන භාවිතයේ අනිසි ඵල විපාක පිළිබඳව විශේෂ වැඩසටහනක් පැවැත්විණි.

ඒ අනුව, පිටබැද්දර පොලිස් ස්ථානාධිපති සුරංග ජයතුංග මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ ප්‍රධාන දේශනය ගාල්ල පොලිස් අභ්‍යාස ආයතනයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක පතිනායක මහතා විසින් පවත්වනු ලැබීය.

විදුහල්පති මනෝජ් ජයවර්ධන මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය වැඩසටහන සඳහා සිසු සිසුවියන් සහභාගී කරවමින් සම්බන්ධීකරණය කර තිබුණි.

අකුරැස්ස මධ්‍යම විශේෂ – විජිත සල්ගාදු

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT