Thursday, April 24, 2025
Home » තුවාල ලැබූ මුහුදු රාජාලියා වනජීවියට

තුවාල ලැබූ මුහුදු රාජාලියා වනජීවියට

by sachintha
November 15, 2023 1:00 am 0 comment

කාසල්රි ජලාශයේ දුපතක තුවාල ලබා වැටි සිටි මුහුදු රාජාලියකු මුදාගෙන වනජීවී නිලධාරීන් වෙතට භාර දීමට කාසල්රී ජලාශයේ සංචාරක හෝටලයක සේවකයකු (14) කටයුතු කර ඇත. කාසල්රී ජලාශයට අවට වෙසෙන මුහුදු රාජාලියකුට කපුටන් විසින් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා මුහුදු රාජාලියාගේ පාදයට තුවාල සිදුවීම හේතුවෙන් මුහුදු රාජාලියා ඉගිලීමට නොහැකිව කාසල්රී ජලාශයේ දුපතක වැටි සිටිය දී එය හෝටල් සේවකයාට දැනුම් දී ඇත. ඉන් අනතුරුව හෝටල් සේවකයා (13) දින පස්වරුවේ කාසල්රී ජලාශයේ දුපත වෙත ඔරුවකින් ගොස් මුහුදු රාජාලියා ඉන් මුදාගෙන රැගෙන විත් තුවාල ලබා සිටි මුහුදු රාජාලියා වනජීවී නිලධාරීන් වෙත ලබාදීම සඳහා හැටන් පොලිසිය වෙත (14) දින භාර දී ඇත. නුවරඑළිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් හැටන් පොලිසිය වෙත පැමිණ තුවාල ලබා සිටි මුහුදු රාජාලියා හැටන් පොලිසියෙන් භාරගෙන රන්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන යන ලදී.
හැටන් රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT