Home » දීපාවලියට නව තැපැල් මුද්දරයක්

දීපාවලියට නව තැපැල් මුද්දරයක්

by sachintha
November 15, 2023 1:00 am 0 comment

මෙවර දීපාවලි ජාතික උත්සවය නිමිත්තෙන් රුපියල් පනහක නව තැපැල් මුද්දරයක් නිකුත් කොට තිබේ. එම නව තැපැල් මුද්දරයට සීල් තැබීම සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් වවුනියාව කන්දසාමී කෝවිලේ පැවති දීපාවලී උලෙළේදී සිදු වුණි. මේ අවස්ථාවට තැපැල්පති රුවන් සරත්කුමාර මහතා සමඟ ග්‍රාම සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, වවුනියාව දිස්ත්‍රික් සංවර්ධන කමිටු ප්‍රධානී වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. දිලීපන්, උතුරු පළාත් ප්‍රධාන ලේකම් සමන් බන්දුලසේන, වවුනියාව දිස්ත්‍රික් ලේකම් බී. ඒ. සරත්චන්ද්‍ර යන මහත්වරුන් ද සහභාගී වූහ.

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT