Wednesday, April 23, 2025
Home » පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් ඕට්ටුමඩම්හි ගෙදරකට දැඩි හානි

පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් ඕට්ටුමඩම්හි ගෙදරකට දැඩි හානි

by sachintha
November 15, 2023 1:00 am 0 comment

යාපනයේ ඕට්ටුමඩම් ප්‍රදේශයේ නිවෙසකට ඊයේ (14) අලුයම එල්ල වූ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් එම නිවෙසට දැඩි අලාභ හානි සිදුව තිබේ.
පෙට්‍රල් බෝම්බය පුපුරා යෑමත් සමඟම නිවෙසට ගිනි ඇවිලී යන ආකාරයට භූමිතෙල් පොඟවන ලද රෙදි කැබලි කිහිපයක් එම නිවෙසේ තැනින් තැන විසුරුවා තිබූ බව පොලිසිය ප්‍රකාශ කරයි. ගින්න පැතිරීමත් සමඟම අවට ජනතාව පැමිණ ගින්න නිවා දමා තිබේ. මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත්තේ අලුයම එකයි තිහට පමණය.
මෙම නිවෙසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල්ල වූයේ කුමන හේතුවක් මතද යන්න පිළිබඳවත් එම ප්‍රහාරයට සම්බන්ධ පිරිස පිළිබඳවත් මේ දක්වා තොරතුරු හෙළිවී නොමැත. ගම්මානය අසල පදිංචිකරුවන් පොලිසියට ප්‍රකාශකොට ඇත්තේ මෙම පවුල සමඟ තවත් පවුලක් කාලාන්තරයක් තිස්සේ දැඩි විරසකයකින් සිටින බැවින් එම පවුලේ උදවිය මෙසේ මෙම නිවෙසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කරවන්නට ඇති බවයි.
යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භකොට තිබේ.

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT