ක්‍රිකට් පරිපාලනය හරහා පාසල් මට්ටමින් ක්‍රිකට් සංවර්ධනය කළ යුතුව තිබියදීත් එසේ නොකර අය වැයෙන් මුදල් වෙන් කිරීම අනුමත කළ නොහැකි දෙයක් බව සමඟි ජන බලවේගයේ පත් කළ මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (14) පැවසීය.
අය වැය දෙවැනි වර කියවීමේ පළමු දින විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.
ක්‍රිකට් සංවර්ධනය සඳහා අයවැයෙන් රුපියල් බිලියන 1.5ක මුදලක් වෙන් කර තිබෙනවා. පසුගිය අයවැයෙන් ඉදිරිපත් කළ යෝජනා 77න් 69ක්ම ක්‍රියාත්මක කරලා නැහැ. ප්‍රතිශතයක් ලෙස සියයට 90ක්ම ක්‍රියාත්මක කර නැහැ. මෙවර අය වැයත් සිහින අය වැයක්. ජාතික ඵලදායිත්වය හදන්න ජාත්‍යන්තර කාර්යාලයක් ස්ථාපිත කිරීම, අය වැය යෝජනා කඩිනම්ව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති කාර්ය සාධන බලකායක් ස්ථාපිත කිරීම, කෘෂිකර්ම ව්‍යවසාය ගම්මාන 10ක් ස්ථාපිත කිරීම යනාදී යෝජනා පසුගිය අයවැයෙන් ඉදිරිපත් කළත් ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළේ නැහැ. ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් රජයේ මතය ඉදිරිපත් කළේ නැහැ. කිසිදු දිරි ගැන්වීමක් සඳහා යෝජනා ඉදිරිපත් කර නැහැ. අය වැය යෝජනා ඉදිරිපත් කළාට මදි. ඒවා ක්‍රියාත්මක වුණා ද කියලා විමර්ශනය කළ යුතුයි. මෙම අය වැය ජනතාව ගොනාට ඇන්දූ අය වැයක්.