Home » සංවර්ධිත රටක් හදන අය වැයක් – ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්

සංවර්ධිත රටක් හදන අය වැයක් – ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්

by sachintha
November 15, 2023 1:00 am 0 comment

සංවර්ධිත රටක් බවට පත් කිරීම සඳහා වූ ඉතාම වැදගත් අය වැයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ඉදිරිපත් කළ බව ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (14) පැවසීය.

අය වැය දෙවැනි වර කියවීමේ පළමු දින විවාදයට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද පැවසුවේය.

ආණ්ඩුවට වෙට්ටු දමා බදු නොගෙවා පැහැර හැරිය නොහැකි තත්ත්වයක් මෙවර අය වැයේ යෝජනාවල සඳහන් වීම ඉතාම වැදගත්.

ආර්ථික දේශපාලනික සමාජ අභියෝග රැසක් මැද මෙවර අය වැය ඉදිරිපත් කරනවා. මෙරට ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයට අපි මුහුණ දුන්නා. බංකොලොත්භාවය පවා ප්‍රකාශයට පත් වුණා. නීතියේ ආධිපත්‍ය, රටේ ආරක්ෂක තත්ත්වය බිඳවැටිලා, තෙල් හා ගෑස් පෝලිම් තිබුණු යුගයකට අපි මුහුණ දුන්නා. මැති ඇමැතිවරුන්ගේ නිවාස ගිනි තැබීම, විපක්ෂ නායකවරයාට ගෝල්ෆේස් එකේදි පහර දීම යනාදි සිදුවීම් අමතක නොකළ යුතුයි. ජනාධිපති මන්දිරය අත්පත් කර ගත්තා. අද වන තෙක් ඒක කළේ කවුද කියලා අපි දන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවෙස පවා ගිනිබත් කළා. දේශපාලන අරමුණු අමතක කරමින් අපි එකතු වුණේ රට ගොඩ ගැනීම සඳහා. එහෙම තීරණයක් අපි එදා නොගත්තා නම් අද වන විට ලංකාව ලෙබනනයක්. සෑම ප්‍රශ්නයක් දිහාම දේශපාලනිකව බැලීමේ යුගය නිමා කළ යුතුයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT