ආණ්ඩුව 2023 වසරේදී ඉදිරිපත් කරන ලද අය වැය යෝජනා ඉටුකිරීම අන්ත දුර්වල තත්ත්වයක පවතින බවත් අය වැය යෝජනා අධීක්ෂණය සඳහා කාර්ය සාධන බළකායක් ස්ථාපිත කරන බවට ප්‍රකාශ කළ ද එය මෙතෙක් ඉටු වී නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (14) ප්‍රකාශ කළේය.
2023 අය වැය ප‍්‍රගතිය සම්බන්ධයෙන් කිසිදු විශ්ලේෂණයකින් තොරව ලබන වසර සඳහා අය වැය සකස් කර ඇතැයිද 27/2 යටතේ විශේෂ ප‍්‍රශ්නයක් යොමු කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කෙළේය.
එමෙන්ම ආණ්ඩුවක් අය වැය මඟින් සඳහන් යෝජනා ක්‍රියාත්මක වන්නේද නොවන්නේද සහ ප‍්‍රගතිය සම්බන්ධයෙන් වාර්තා කළ යුතු වුවත් වත්මන් ආණ්ඩුව 2023 අය වැය වෙනුවෙන් ඉටු කර ඇති යෝජනා මේ වන විට ඉටු කර නොමැති බව දක්නට ලැබෙනවා.
2024 නව අය වැයේ විශ්වාසනීයත්වය සම්බන්ධයෙන් ගැටලු තිබෙන අතර අය වැයක විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ගැටලුවක් පවතින හෙයින් වගකීම සහ වගවීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි. එසේ නොමැති වුවහොත් ඊළඟ වසරේ අය වැය සම්බන්ධයෙන් විශ්වාසයක් තැබිය නොහැකියි.
විපක්ෂ නායක කාර්යාලයේ පර්යේෂණ අංශය ආර්ථික විශේෂඥ කණ්ඩායමක් සමඟ එකතු වී 2023 අය වැය යෝජනා 77ක් සම්බන්ධයෙන් සිදු කළ සමීක්ෂණයක දී ඒ අතුරින් යෝජනා 69ක තොරතුරු අසම්පූර්ණ බවත් මෙවර යෝජනා කර ඇති ඇතැම් යෝජනා 2023 වසරේ පවා ඉදිරිපත් කර මුදල් වෙන් කර ඇති මුත් ක‍්‍රියාවට නංවා නැති බවත් කී විපක්ෂ නායක එම යෝජනා සඳහා මෙවරද මුදල් වෙන් කර තිබෙනවා.