Home » කිරිඳි ඔයෙන් හමු වූ අලි හිසේ සුල මුල හෙළි වෙයි

කිරිඳි ඔයෙන් හමු වූ අලි හිසේ සුල මුල හෙළි වෙයි

by yasara
November 15, 2023 4:08 pm 0 comment

කිරිදි ඔයේ ගසාගෙන එමින් තිබු යාන්ත්‍රික කියතකින් කපා වෙන්කරන ලද අලියෙකුගේ හිස් කොටස සම්බන්යෙන් පශ්චාත් මරණ පරික්ෂණය අද (15)ඌව මධ්‍යම පලාත් භාර පශු වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති මහතාගේ ප්‍රධානවත්යෙන් වැල්ලවාය වනජිවි කලාපයට අවයත් තෙලුල්ල ජනපදය හුරත්ගමුව ප්‍රදේශයේදි සිදු කෙරිණි.

අලියාගේ හිසට වෙඩි පහර වැදි ඇති අතර උණ්ඩ කොටස් දෙකක් මොලයේ තිබි සොයාගෙන ඇත වෙඩිවැදිමෙන් පසු මෙම අලියා මියගොස් ඇති බවත් ඉන් අනතරුව අලියා කොටස්වලට කපා දමන්ට ඇති බවත් වනජිවි නිළධාරිහු පවසති .

මෙම අලියාගේ හිස්කබල දින තුනකට පමණ පෙර ප්‍රෙද්ශවාසින් පිරිසක් විසින් හුරත්ගමුව පංසල ආසන්නයේ පිහිටි මංසල මංකඩ ස්ථානයට මිටර් 150ක් පමණ නුදුරින් තිබියදි සොයාගත් අතර ඊට මිටර් 400ක් පමණ ඈතින් වැටකෙයියයාගාලක තිබි අලියාගේ යැයි සැකකෙරෙන බඩවැල් ද සොයා ගන්නාලදි.

එම අලියාගේ හිස කොටසේ එක් කනක් හා හොඩවැලෙහි කොටසක්ද කියතෙන් කපා දමා තිබුනි .

මෙම මියගිය අලියාගේ ශරිරයේ අනිකුත් කොටස්ද කෑලෑවලට කපාදාමා කිරිදිඔයට දමන්නට ඇතැයි වනජිවි නිළධාරිහු පවසති .

මෙම අලියාගේ ඝාතනය සම්බන්යෙන් වැඩිදුර විමර්ශණ වැල්ලවාය අලි පාලන ඒකකයේ අඩවිආරක්ෂක නිශාන්ත ප්‍රෙමලාල් මහතා ප්‍රමුඛ නිළධාරින් හා ඌව කුඩාඔය පොලිසිය විසින් සිදුකරයි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT