Home » ලෝක නගර දිනයට චිත්‍ර තරඟයක්

ලෝක නගර දිනයට චිත්‍ර තරඟයක්

by chanaka
November 15, 2023 10:39 am 0 comment

ලෝක නගර දිනය නිමිත්තෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කළ කොළඹ දිස්ත්‍රික් චිත්‍ර තරගාවලියේ ජයග්‍රහී දූ දරුවන් වෙත සහතික පත් ප්‍රදානය කිරීම ඊයේ (14) සිදු කෙරිණ.

ඒ නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවණාගාරයේදිය.

ඔක්තෝම්බර් 31 වැනිදාට යෙදී තිබූ මෙවර ලෝක නගර දිනයේ තේමාව වන්නේ “සියලු දෙනා හට තිරසාර නාගරික අනාගතයක් සඳහා මුල්‍යකරණය” යන්නයි.

කාණ්ඩ තුනක් යටතේ මෙම චිත්‍ර තරගාවලිය පැවැත්විණ. 1-5 කණ්ඩය යටතේ “මම කැමැති නගරය”, 6-11 කාණ්ඩය යටතේ “අනාගත නගරය හා ප්‍රවාහනය”, 12-13 කාණ්ඩය යටතේ “බලශක්ති අර්බුදය හා තිරසාර නාගරීකරණය” යන මාතෘකා යටතේ චිත්‍ර සිතුවම් කිරීමට දරුවන්ට අවස්ථාව හිමි විය.

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා ඇතුළු නියෝජ්‍ය අධ්‍යක්ෂවරු, දූ දරුවන්, දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT