ලෝක දියවැඩියා දිනය ඊයේට (14) යෙදී තිබූ බැවින් ඊට සමගාමීව හෝමාගම 306-සී -2 සිංහ සමාජය මඟින් හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ සිසු දරුවන් දියවැඩියා රෝගය හා බෝ නොවන රෝග පිළිබඳ දැනුම්වත් කිරීමේ ව්‍යාපෘති වැඩමුළුවක් එම විද්‍යාලයේදී ඊයේ 14 පවත්වන ලදි.
මෙහිදී ප්‍රවීණ දේශක නාවින්න ආයුර්වේද විද්‍යා ආයතනයේ වෛද්‍ය සඳුන් ලියනගේ මහතා ගුරු හා සිසුන් දැනුම්වත් කරමින් ප්‍රධාන දේශනය සිදු කරන ලදි.
එම ව්‍යාපෘතියට සමගාමීව නොමිලේ ඇස් පරීක්ෂාව හා දියවැඩියා රෝගය පිළිබඳව ලේ පරීක්ෂාවක් ද සිදු කරන ලදි.
සිංහ සමාජයේ සිංහ පසිඳු ගම්මන්පිල මහතාගේ ව්‍යාපෘති සභාපතිත්වයෙන් පැවති එම වෛද්‍ය සායන කටයුතු හෝමාගම රෝහලේ හෙද කාර්ය මණ්ඩලයේ සහායෙන් පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස දිස්ත්‍රික් 306 සී -2 සිංහාධිපති ඉස්මිත් හමීඩ් මහතා සහභාගි වූ අතර, මාගම සිංහ සාමාජිකයන් විසින් මෙහි සියලු කටයුතු සිදු විණි.
ඇන්ටන් ප්‍රනාන්දු – පනාගොඩ