Wednesday, April 23, 2025
Home » කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමේ

කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමේ

by sachintha
November 15, 2023 1:00 am 0 comment

කාසල්රී සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ජලාශ දෙකේම ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී ඇති බව ජලාශ භාර ඉංජිනේරුවරු පවසති. කාසල්රී ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 2.9ක් සහ මාවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට අඩි 3ක් වශයෙන් ආසන්න වී ඇති බවත්, ජලාශ දෙකේම ජල මට්ටම 95% වඩා වැඩි වී ඇති නිසා විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන් සහ පොල්පිටිය ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් කරන බව විදුලි බලාගාර ඉංජිනේරුවරු පැවසූහ.

හැටන් රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT