Monday, April 21, 2025
Home » දුර්ලභ වාලම්පුරියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

දුර්ලභ වාලම්පුරියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

by yasara
November 15, 2023 9:38 am 0 comment

රුපියල් ලක්ෂ 5 ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ දුර්ලභ වර්ගයේ වාලම්පුරියක් සමග පුද්ගලයෙකු ඊයේ (14) පස්වරුවේ  අත්අඩංගුවට  ගත්බව බේරුවල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ,දියතලාව කහඹිලිය නව ගම්මානයේ පදිංචි 22 හැව්රිදි  පුද්ගලයෙකි.

සැකකරු තවත් පුද්ගලයකුට අලෙවි කිරීමට සූදානම් වන බවට ගුවන් හමුදා බුද්ධි අංශ නිළධාරීන්ට ලද තොරතුරක් මත පොලිසිය සමග එක්ව කල වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT