Monday, April 21, 2025
Home » ඇමරිකාවට පැමිණි චීන ජනපති හරසරින් පිළිගැනේ

ඇමරිකාවට පැමිණි චීන ජනපති හරසරින් පිළිගැනේ

by chanaka
November 15, 2023 3:25 pm 0 comment

චීන ජනාධිපති ෂී ජින් පිං එරට වේලාවෙන් 14 වැනි දා සවස, විශේෂ ගුවන් යානයකින් ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ ගුවන්තොටුපළට ළඟා විය.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතාගේ ඇරයුමක් අනුව, චීන ජනාධිපතිවරයා සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ දී දෙරට රාජ්‍ය නායක හමුවකට එක්වීමට නියමිත ය.

ඇමරිකාවේ පැවැත්වෙන APEC සංවිධාන නායකයන්ගේ 30 වැනි නිල නොවන සමුළුවට ද චීන ජනාධිපතිවරයා එක්වනු ඇත.

ඇමරිකානු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ගුවන්තොටුපළට පැමිණ චීන ජනපති මහත් හරසරින් පිළිගත්හ. ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් Janet L. Yellen, කැලිෆෝනියා හි ආණ්ඩුකාර Gavin Newsom සහ චීනයේ ඇමරිකානු තානාපති R.Nicholas Burns යන මහත්ම මහත්මීහු ද ඒ අතර වූහ. චීන ජනපති පිළිගැනීම සඳහා ඇමරිකාවේ චීන තානාපති Xie Feng මහතා ද පැමිණ සිටියේය.

ෂී ජින් පිං ජනාධිපතිවරයා ගුවන්තොටුපළේ සිට හෝටලයට පැමිණෙන මග දෙපස, එරට වෙසෙන චීන ජාතිකයෝ සහ ඇමරිකාවේ ඉගෙනුම ලබන චීන සිසුහු පෙළ ගැසී සිටියහ. ඔවුහු චීන හා ඇමරිකානු ජාතික ධජ ලෙලවමින් ෂී ජින් පිං ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගත්හ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT