කැනඩාව බලා පිටත් වූ පාකිස්තානයේ නිල ගුවන් සේවය වන පීඅයිඒ ගුවන් සේවාවට අයත් ගුවන් යානයක් ගමනාන්තයට ළඟාවීමෙන් පසු ගුවන්යානා කාර්ය මණ්ඩලයේ සේවකයන් දෙදෙනකු අතුරුදන් වී ඇතැයි පාකිස්තානයේ ‘ඩෝන්‘ පුවත් සේවය වාර්තා කළේය. එසේ අතුරුදන් වී ඇත්තේ ගුවන් යානයේ ජ්‍යෙෂ්ඨ ගුවන් සේවකයන් දෙදෙනකු බවත් වැඩිදුරටත් වාර්තා වේ.
මේ වසරේ මුල් භාගයේදී ද පාකිස්තාන ගුවන් යානයක් කැනඩාවට ගොඩ බැසීමෙන් පසු ගුවන් සේවකයන් දෙදෙනකු අතුරුදන් වූ බව වාර්තා විය. පසුගියදා ගුවන් සේවකයන් දෙදෙනාගේ අතුරුදන්වීම සම්බන්ධව පාකිස්තාන ගුවන් සේවාවේ බලධාරීන් කැනඩාවේ ගුවන් සේවා අධිකාරියට පැමිණිලි කර ඇති අතර, අතුරුදන්වීම සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසු ඔවුන් රැකියාවෙන් නෙරපීමට පියවර ගැනීමට නියමිත බව ද ඩෝන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.