410
ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදු කරනු ලබන ප්‍රහාරවලට සහයෝගය පළ කරමින් ඔස්ට්‍රේලියාව අවිආයුධ තොගයක් යැවීම සඳහා නැව්ගත කිරීමේදී පලස්තීන හිතවාදී පිරිසක් විරෝධතාවක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සිඩ්නි නුවර වරායෙන් ඊශ්‍රාලයට යැවීමට අවිආයුධ විශාල තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී මේ විරෝධතාව එල්ල වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. ඊශ්‍රායලයට ආයුධ සැපයීමට එරෙහිව මේ වන විට එරට මහාධිකරණයේ නඩුවක් ද ගොනු කර ඇති අතර, ලොව වඩාත්ම රහසිගත සහ ගණන් කළ නොහැකි ආයුධ අපනයන පද්ධතියක් ඔස්ට්‍රේලියාවට ඇතැයි එරට ග්‍රීන්ස් සෙනෙට් සභික ඩේවිඩ් ෂූබ්‍රිජ් පසුගියදා ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.