Home » ගාසා තීරයේ අල් ෂිෆා රෝහල ආරක්ෂා කළ යුතුයි

ගාසා තීරයේ අල් ෂිෆා රෝහල ආරක්ෂා කළ යුතුයි

-බයිඩ්න් ඊශ්‍රායලයට කියයි

by sachintha
November 15, 2023 1:00 am 0 comment

ගාසා තීරයේ විශාලතම රෝහල වන අල් ෂිෆා රෝහල ආරක්ෂා කළ යුතු බවට අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකාවේ ජනාධිපතිවරයා මේ ප්‍රකාශය සිදු කර ඇත්තේ එම රෝහල් භූමියේ උමං මාර්ගයක් තුළ හමාස් සංවිධානයේ අණදෙන මධ්‍යස්ථානය පිහිටා ඇති බව කියමින් ඒ අවට පළාත වැටලීමට ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පියවර ගැනීමෙන් පසුවය.
මේ වන විට ඊශ්‍රායල හමුදාව එම රෝහලේ ප්‍රධාන දොරටුව ආසන්නයට පැමිණ සිටින බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
හමාස් අණදෙන මධ්‍යස්ථානය අල් ෂිෆා රෝහල් භූමියේ උමං මාර්ගයක ඇතැයි ඊශ්‍රායලය කළ ප්‍රකාශය එම සංවිධානය මෙන්ම රෝහල් බලධාරීන් ද ප්‍රතික්ෂේප කර ඇතැයි ද වාර්තා වේ. ඊශ්‍රායල හමුදාව රෝහල් භූමිය වට කිරීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය ද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ අල් ෂිෆා රෝහල සොහොන් බිමක් වීමට ආසන්න බවය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT