නව සමාජය ගොඩනැගීමේ පියවරක් ලෙස අස්වැසුම සමාජ සුබසාධක ප්රතිලාභ තුන්ගුණයකින් වැඩි කිරීමට රජය පියවර ගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
කොළඹ විශ්වවිද්‍යාලයීය ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිධාරී ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය සංවිධාන කළ 2024 අයවැය විද්වත් කතිකාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
එසේම රට මුහුණ දුන් ආර්ථික අර්බුදය එක් අයවැයකින් විසඳීමට හෝ නොසළකා හැරීමට ද නොහැකි බැවින් එම තත්ත්වයට මුහුණදීමට රට සූදානම් කළ යුතු බවත් රජය මේ මොහොතේ ඉටුකරමින් සිටින්නේ එම කර්තව්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේය.
නොවැම්බර් 13 වැනි දින පාර්ලිමේන්තුවේදී 2024 අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති වික්‍රමසිංහ මහතා හෙළි කළේ ඇස්වැසුම ප්‍රතිලාභය මුලින් ලබා දුන්නේ ලෝක බැංකුව ඇතුළු සංවර්ධන හවුල්කරුවන් කිහිප දෙනෙකුගේ සහයෝගය ඇතිව වුවද, 2024 දී එම ප්රතිලාභ රටේම අරමුදල්වලින් මූල්‍යකරණය කිරීමට රජය අපේක්ෂා කරන බවයි.
“පසුගිය වසරවල අපි මෙම වැඩසටහන සඳහා රුපියල් බිලියන 60 ක් වෙන් කලා. දැන් එය රු. බිලියන 183 ක්. වසර 2024 දී ඇස්වැසුම වැඩසටහන සඳහා පසුගිය වසරවල සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා වැය කළ මුදල මෙන් තුන් ගුණයක් වැය කිරීමට බලාපොරොත්තු වෙනවා“ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.