වැල්ලම්පිටිය, වේරගොඩ ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් තුවාල ලැබු සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙයි
පාසල තුළ තිබූ ජල කරාම සවි කර තිබූ කොන්ක්‍රීට් තාප්ප කොටසක් පාසල් සිසු සිසුවියන් හය දෙනෙකු මත කඩා වැටීමෙන් මෙලෙස එක් සිසුවියක් ජිවිතක්ෂයට පත්වී තිබෙයි.
පාසල් සිසුවියන් තුන් දෙනෙකු සහ පාසල් සිසුන් තුන්දෙනෙකුයි මෙලෙස තාප්පයට යට වී තිබෙයි.
ප්‍රදේශවාසීන් පැමිණ තාප්පයට යට වූ කුඩා දරුවන් හය දෙනාම ජාතික රෝහලට රැගෙන යාමට කටයුතු කර ඇත .
තාප්පෙ කොටසක් ඔසවා ඉවත් කිරීමට උත්සහ කිරීමේදී එම කොටසට හිස ප්‍රදේශයේ තෙරපීම නිසා එක් සිසුවියක් බරපතල තුවාල ලැබූ බවත් එම සිසුවිය රෝහල් ගත කිරීමේදී මිය ගොස් ඇති බව ප්‍රදේශවාසී කාන්තාවක් පැවසුවාය
මෙලෙස මියගොස් ඇත්තේ 1 ශ්‍රේණියේ ඉගෙනුම ලැබු හය හැවිරිදි දරුවෙකි.