වව්නියාව, ඊච්චන්කුලම පොලිස් වසමේ කරුචෙප්පන්කුලම ප්‍රදේශයේ කුරිසුට්ටකුලම වැවේ තිබි කාන්තා මළ සිරුරක් සොයාගත් බව පොලිසිය සදහන් කරයි.
මියගිය කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර මෘත දේහය අවුරුදු 20ත් 25ත් අතර බවට පොලීසිය සැක පළ කරයි.
පොලීසිය සඳහන් කළේ මීට දින කිහිපයකට පමණ පෙර මියගොස් ඇතැයි සිතිය හැකි අතර කොණ්ඩය තරමක් දිගට වවා ඇති බවයි.
මුහුණ හඳුනාගත නොහැකි පරිදි විකෘති වී ඇති අතර රතු පැහැති ගවුමක් හැඳ සිටින බව ද පොලීසිය සඳහන් කළේය.
ප්‍රදේශවාසීන් මළ සිරුර දැක අනතුරුව පොලීසිය දැනුවත් කොට ඇති අතර, මළ සිරුරේ අත් හා පාදයක් නොමැති බව නිරීක්ෂණය වන බවද ප්‍රදේශවාසීහූ පැවසූහ.
මළ සිරුර නරක්ව ඇති අතර, ශරීර කොටස් සතුන් ආහාරයට ගෙන ඇත්ද? නැතිනම් කපා දමා ඇතිද? යන්න සම්බන්ධයෙන් සැකයක් පවතී.
මහේස්ත්‍රාත් පරීක්‍ෂණයෙන් අනතුරුව මෘත ශරීරය වව්නියාව මහ රෝහල් මෘත ශරීරාගාරයට යොමුකර ඇත. පශ්චාත් මරණ පරීක්ෂණය අද(15) සිදු කිරීමට නියමිතව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඊච්චන්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.