Monday, April 21, 2025
Home » ගාල්ලේ ගැඹුරු මුහුදේ භූ කම්පනයක්

ගාල්ලේ ගැඹුරු මුහුදේ භූ කම්පනයක්

by sachintha
November 15, 2023 1:12 am 0 comment

දකුණු ඉන්දිීය සාගර කලාපයේ ඊයේ (14) දහවල් 12.30ට පමණ රිච්ටර් පරිමාණයේ ඒකක 6.1ක භූ කම්පනයක් සිදුව තිබේ. ගාල්ලේ සිට කිලෝමීටර 1300ක දුරින් මෙය සිදු වූ බව භු විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ප්‍රකාශිකාවක් සඳහන් කළාය. හක්මන, මහකනදරාව, බුද්ධංගල පල්ලෙකැලේ පිහිටි භූකම්පන මානවල මෙය සටහන් වී ඇති බව ද ඇය පැවසුවාය. මෙමඟින් මෙරටට බලපෑමක් නැත.
දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය තවදුරටත් පවතී. අද (15) දිනයේ ද දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
උතුරු, වයඹ, බස්නාහිර, දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවලට උදේ කාලයේදී ද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දිනය සඳහා කලගුණ අනාවැකිය නිකුත් කරමින් සඳහන් කරයි.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT