පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසට නියම කළ මිලියන 311ක වන්දි මුදලින් දැනට ලැබී ඇත්තේ රුපියල් තුන්කෝටි හැටඅට ලක්ෂයක් පමණක් බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (14) ප්‍රකාශ කළේය.
එබැවින් මෙම වන්දි මුදල් ගෙවීමට සිදු වන්නේ නියම කර ඇති සියලු වන්දි මුදල් ලැබීමෙන් පසුව බවත් හානිපූර්ණ කාර්යාලය මෙම මුදල් ගෙවීම සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් ඇමැතිවරයා පැවසීය.
අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මෙහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෙවීමට නියම කරන ලද රුපියල් මිලියන සියයෙන් මිලියන 15ක් ගෙවා ඇති බවත් රජය මඟින් ගෙවිය යුතු මිලියනයක වන්දි මුදල්, හේමසිරි ප්‍රනාන්දු මහතාට ගෙවීමට නියම කරන ලද මිලියන පනහක වන්දියෙන් මිලියන 05ක් ගෙවා ඇති බවත් ඇමැතිවරයා පැවසීය.
වන්දි ලෙස සිසිර මෙන්ඩිස් මහතා මිලියන 10ක් ගෙවා ඇති අතර පූජිත් ජයසුන්දර මහතාට නියම කරන ලද වන්දි මුදලින් මිලියනයකට වැඩි ප්‍රමාණයක් හා නිලන්ත ජයවර්ධන මහතා මිලියන හතරයි දශම එකක් මුදලක් ගෙවා ඇති බවත් ඇමැතිවරයා පැවසීය.
ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න
පාස්කු ඉරිදා සිද්ධියේ වන්දි ගෙවූ හැටි ඇමැති විජයදාස කියයි
- මෛත්‍රීට නියම වූ මිලියන 100න් ගෙවුවේ මිලියන 15ක් පමණයි
508