Tuesday, April 15, 2025
Home » ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ කමිටු නිලධාරීන්ට පත්වීම්

ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ කමිටු නිලධාරීන්ට පත්වීම්

by chanaka
November 14, 2023 4:00 pm 0 comment

ක්‍රිඩා අමාත්‍යාංශයේ මැදිහත්වීම තුළින් ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ අතුරු පාලක කමිටුවේ කළමණාකර, තාක්ෂණික, විනිසුරු කවුන්සිලය, පුහුණුකරු කමිටුව, තේරීම් කමිටුව, විනය කමිටුව, මාධ්‍ය කමිටුව, නීති කමිටුව, ව්‍යවස්ථා කමිටුව හා සුභ සාධක අනු කමිටු නිලධාරීන් සදහා පත්වීම් සහතික ප්‍රදානය කිරීම, පළාත් කරාතේ දෝ සම්මේලන නිලධාරීන් සදහා පත්වීම් සහතික ප්‍රදානය අද (14) සිදු විය.

කොළඹ මහවැලි කේන්ද්‍රයේදී මේ කටයුත්ත සිදු කෙරුණි.

එසේම 2024 වර්ෂය සදහා විනිසුරුවරුන් ලියාපදිංචි කිරීම හා ජාතික පුහුණුකරුවන්ගේ සම්මුඛ පරීක්ෂණයන් ද සිදු විය.

ඒ ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ අතුරු පාලක කමිටුවේ ලේකම් හා අතුරු පාලක මණ්ඩලයේ ක්‍රිඩා අමාත්‍යාංශ නියෝජිත ආචාර්ය ජයලත් ඉලංගකෝන් මහතාගේ ප්‍රධානත්වයෙනි.

ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ අතුරු පාලක කමිටුවේ සභාපති ආචාර්ය ක්ලෙමන්ට් ද සොයිසා මහතා විසින් මෙහිදී විශේෂ අදහස් දැක්වීමක් සිදු කළේය.

ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ඉදිරි කටයුතු විධිමත්ව සිදු කිරීම සදහා නව කමිටු සාමාජිකයින් පළාත් හා දිස්ත්‍රික් සම්මේලන නිලධාරීන්, ජාතික විනිසුරුවරුන්, තාක්ෂණික කමිටු නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය පිළිබදව මෙහිදී දැනුවත් කෙරුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT