මල් පූජාවේ අනන්ත බුදුගුණ සිහිකරමින් කෝටියක් වනමලින් පිදු අසිරිමත් වන මල් පූජාවක් පසුගියදා හොරණ රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි .
හොරණ රජමහා විහාරවාසී මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් හොරණ ගල්කඩුව සුහද සුබසාධක සංගමය සහ විහාරස්ථ දායක සභාව සහ මෙන්ම ප්‍රදේශයේ සැදැහැවත් ජනතාව එක්ව කඨින මහා පිංකමට සමගාමීව මෙම වනමල් පූජාව පැවැත්විණි.
හොරණ රජමහා විහාරයේ චෛත්‍යරාජයාණන් කෝටියක් වන මල් යොදාගෙන බුද්ධ රශ්මියේ ෂඩ් වර්ණයෙන් සැරසීම් මෙහි දී සිදු කෙරුණි.
ඒ සඳහා දින දෙකක් තුනක් තිස්සේ සැදැහැවතුන් විසින් දිවයිනේ සතර දෙසින් රැගෙන ආ වන මල් රජමහා විහාර පරිශ්‍රයේදී එක්රැස් කිරීම සිදු කෙරුණි.
අනතුරුව පූජාව පවත්වන දින හිමිදිරියේ සිට කෙසෙල් පතුරු යොදා සකස් කර ගත් දිගු වැල්වල එම මල් අමුණා චෛත්‍ය වටේ සැරසීම සිදු කෙරුණි.
ප්‍රදේශයේ තරුණ පිරිස විශාල වශයෙනි මෙම පිංකම සඳහා එක්ව සිටි අතර පැවැති වර්ෂාව මධ්‍යයේ වුවද මේ පිංකමට බොහෝ දෙනෙකු සහභාගි වූහ.