Home » චීන ජනපතිගේ නිල ඇමරිකා සංචාරය ගැන පුළුල් වාර්තාකරණයකට චීන මාධ්‍ය සමූහය සූදානම්

චීන ජනපතිගේ නිල ඇමරිකා සංචාරය ගැන පුළුල් වාර්තාකරණයකට චීන මාධ්‍ය සමූහය සූදානම්

by chanaka
November 14, 2023 4:20 pm 0 comment

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ ආරාධනයෙන් චීන ජනාධිපති ෂී ජින් පිං අද (14) ඇමරිකාවේ නිල සංචාරය ආරම්භ කරයි.

අද (14) සිට 17 වැනිදා දක්වා කාලය තුළ දී දෙරට රාජ්‍ය නායක හමුවට මෙන්ම සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර පැවැත්වෙන APEC සංවිධාන නායකයන්ගේ 30 වැනි නිල නොවන සමුළුවට චීන ජනාධිපතිවරයා සහභාගි වනු ඇත.

එම සංචාරය පිළිබඳ වාර්තාකරණ කටයුතු වෙනුවෙන් චීන මාධ්‍ය සමූහයේ මාධ්‍ය මධ්‍යස්ථානයක් සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර විවෘත කර ඇත.

චීන මාධ්‍ය සමූහයේ බෙයිජිං මූලස්ථානය, උතුරු ඇමරිකානු මධ්‍යස්ථානය, එක්සත් ජාතීන්ගේ මධ්‍යස්ථානය සහ CGTN උතුරු ඇමරිකානු ශාඛාව නියෝජනය කරමින් වාර්තාකරුවෝ 180 කට අධික පිරිසක් ඊට එක් ව සිටිති. චීන මාධ්‍ය සමූහයේ ගුවන්විදුලි, රූපවාහිනී සහ නව මාධ්‍ය ඒකාබද්ධ සන්නිවේදන අවකාශයන් සහ භාෂා 68 ක සන්නිවේදන පහසුකම් මගින් එම වාර්තාකරණය ගෝලීය වශයෙන් පුළුල් ලෙස සිදුකෙරෙනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT