Saturday, April 19, 2025
Home » කිරිඳිඔයේ තිබී වන අලි හිසක් හමුවෙයි

කිරිඳිඔයේ තිබී වන අලි හිසක් හමුවෙයි

by yasara
November 14, 2023 10:44 am 0 comment

වැල්ලවාය තෙළුල්ල කිරිඳිඔයේ තිබී ඊයේ (13)  හමුවූ වනඅලියෙකුගේ කඳසුන් හිසක් හමු වී තිබෙයි.

මේ  පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ ඌව කලාපය භාර සහකාර අධ්‍යක්ෂ උපුල් ඉන්ද්‍රජිත් මහතා කටයුතු යොදා තිබෙයි

කිරිඳිඔයේ තෙළුල්ල ප්‍රදේශයේ හුවන්ගමුව පන්සල් අලිමංකඩ අසල කිරිඳිඔයේ සිරවී තිබූ වන අලියෙකුගේ හිස ප්‍රදේශවාසීන්ට හමුවී තිබූ අතර වනජීවී නිලධාරීන් සහ පොලීසිය එක්ව මියගිය අලියාගේ සිරුරේ අනෙක් කොටස් සෙවීම සඳහා මෙහෙයුමක් ආරම්භකළත් මෙතෙක් කොටස් හමුවී නැත.

වගාබිමකට පැමිණි වනඅලියා වෙඩිතබා ඝාතනයකර සිරුර කෑලි වලට කපා කිරිඳිඔයට දමන්නට ඇතැයි වනජීවී නිලධාරීහු විශ්වාස කරයි.

වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන අලියාගේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරෙක්ෂණයක් පැවැත්වීමට වැල්ලවාය වනජීවී කාර්යාලය කටයුතු යොදා ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT