Home » දීපාවලියෙන් පසු දිල්ලි නුවර තත්ත්වය දරුණු වෙයි

දීපාවලියෙන් පසු දිල්ලි නුවර තත්ත්වය දරුණු වෙයි

by chanaka
November 13, 2023 3:12 pm 0 comment

ඉන්දියාවේ දිල්ලි නගරයේ වායු තත්ත්ව දර්ශකය ඉතා දරුණු වී ඇති බවත් එහි ජනතාවට හුස්ම ගැනීමට පවා අපහසු වී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තාකර ඇත.

දිල්ලියේ මාර්ග දූවිලි අංශ සහිත ඝන දුමාරයකින් වැසි ගොස් ඇති බවත් එම මාර්ගවල ගමන් ගන්නා විට මීටර් කිහිපයක් ඉදිරිය නොපෙනෙන බවත් වාර්තා වේ.

පසුගිය ඔක්තෝබර් මස අවසන් සතියේ සිට දිල්ලි නගරයේ පරිසර දුෂණයට අදාළ දර්ශකයන් හි අයහපත් අගයන් පෙන්නුම් කර තිබූ බව මාධ්‍ය වාර්තාවල පල විය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නියම කර ඇති සීමාව මෙන් 20 ගුණයකින් දිල්ලි නුවර වායූ දූෂණය ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව නගරයේ පාසල්වල ප්‍රාථමික පන්ති වසා දැමීමටත් නගරයට ට්‍රක් රථ ඇතුළුවීම සීමා කිරීමට කටයුතු කර ඇතැයි ද දැක්විණි.

මේ අතර, දීපාවලි සැමරුමත් සමඟ ඉන්දියාවේ වායු දුෂණය තව තවත් ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ.

ඊයේ (12) රාත්‍රියේ දීපාවලි සැමරීම සඳහා රතිඤ්ඤා පුපුරවා හැරීම සහ ගිනිකෙළි පැවැත්වීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇත. ඒ අනුව ලොව වායු දූෂණයේ ඉහළම නගර 10 අතරට ඉන්දියාවේ දිල්ලිය එක්ව තිබේ.

සෑම වසරකම බලධාරීන් දිල්ලි නුවර රතිඤ්ඤා තහනම් පනවන නමුත් එම තහනම ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට ඇත්තේ කලාතුරකිනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT