Wednesday, April 9, 2025
Home » අමෙරිකා හෙලිකොප්ටරයක් කඩාවැටෙයි – සෙබළු 05ක් ජීවිතක්ෂයට

අමෙරිකා හෙලිකොප්ටරයක් කඩාවැටෙයි – සෙබළු 05ක් ජීවිතක්ෂයට

by chanaka
November 13, 2023 12:05 pm 0 comment

අමෙරිකානු හමුදා හෙලිකොප්ටර් යානයක් අමෙරිකානු හමුදා හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් අමෙරිකානු සොල්දාදුවන් 5දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නැගෙනහිර මධ්‍යධරණි කලාපයේ දී එම යානය කඩා වැටී ඇත.

අමෙරිකා බලධාරීන් පැවසුවේ, කඩා වැටීමෙන් පසු වහාම සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් දියත් කර ඇති අතර, එයට හේතුව පිළිබඳව පරීක්ෂණයක් සිදුවෙමින් පවතින බවයි.

හෙලිකොප්ටරයේ සිටි භටයන් අමෙරිකා හමුදා විශේෂ මෙහෙයුම් නිලධාරීන් වූ බව සදහන් කෙරේ.

නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකා ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් මෙම අනතුර විස්තර කළේ “පුහුණු අනතුරක්” ලෙසිනි.

ඊයේ සිදුව ඇති මෙම අනතුර සම්බන්ධයෙන් අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශයක් නිකුත් කරමින් ශෝකය පළ කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT