Home » සියලු පහසුකම්වලින් යුතු Resilent Lady මගී නෞකාව කොළඹට

සියලු පහසුකම්වලින් යුතු Resilent Lady මගී නෞකාව කොළඹට

by chanaka
November 13, 2023 4:53 pm 0 comment

අති සුඛෝපභෝගී Resilent Lady මගී නෞකාව අද(13) කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට සේන්දු විය.

බහමාස් ධජය යටතේ යාත්‍රා කරන Virgin Voyages නැව් සමාගමට අයත් මෙම මගී නෞකාව දිගින් මීටර් 277කින් යුක්තය. එය 2022 වර්ෂයේ ඉදිකරන ලද්දකි.

සංචාරක මගීන් 2318ක් සහ 1194ක සේවක මණ්ඩලයකින් යුතු මෙම Resilent Lady මගී නෞකාව කොළඹ වරායට පැමිණීම සනිටුවහන් කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඩී. බර්නාඩ් මහතා සහ නෞකාවේ කපිතාන් Matthew Hudson මහතා අතර විශේෂ ඵලක හුවමාරුවක් ද නෞකාවේ දී සිදු කෙරුණි.

ඉන්දියාවේ ගෝවා සිට පැමිණි Resilent Lady නෞකාවේ මීළඟ නැවතුම වන්නේ තායිලන්තයේ Phuket වරාය වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT