Home » පරිසර අධිකාරියේ හිටපු සභාපතිට දුන් නියෝගය

පරිසර අධිකාරියේ හිටපු සභාපතිට දුන් නියෝගය

by chanaka
November 13, 2023 3:00 pm 0 comment

රුපියල් ලක්ෂ 100ක අල්ලස් මුදලක් ලබාගැනීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති සුපුන් පතිරගේ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද(13) නියෝග කළේය.

එහිදී අධිකරණය නියෝග කළේ රුපියල් 25,000ක මුදල් හා ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදාහැරීමටය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් දෙදෙනා ලබන 24 වැනිදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT