537
රාජ්‍ය විශ්වවිද්‍යාලය නවීකරණය කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඒ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මෙම නවීකරණය ආරම්භ කිරීමට නියමිතය.
ඒ වෙනුවෙන් රුපියල් මිලියන 500ක් වෙන්කරන බවත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට රුපියල් මිලියන 40ක් වෙන්කරන බවත් ඉන්පසුව කැළණිය, කොළඹ හා මොරටුව විශ්වවිද්‍යාල වලට මෙය ව්‍යාප්ත කරන බවත් ඒ මහතා කියා සිටියේය.
ඉදිරියේදී පළාත් සභා මගින් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමටත් හැකියාව පවතින බව ද මෙහිදී ප්‍රකාශ කරයි.
ඒ අනුව විශ්වවිද්‍යාල සංඛ්‍යාව දෙගුණයකින් පමණ වැඩිවන බවත් අධ්‍යාපනික විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන බවත් ප්‍රකාශ කළේය.