Monday, April 21, 2025
Home » විශ්වවිද්‍යාල අධ්‍යාපනයට අයවැයෙන් ලැබුණ සහනය

විශ්වවිද්‍යාල අධ්‍යාපනයට අයවැයෙන් ලැබුණ සහනය

by yasara
November 13, 2023 1:55 pm 0 comment

රාජ්‍ය විශ්වවිද්‍යාලය නවීකරණය කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ අනුව  පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මෙම නවීකරණය ආරම්භ කිරීමට නියමිතය.

ඒ වෙනුවෙන් රුපියල් මිලියන 500ක් වෙන්කරන බවත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට රුපියල් මිලියන 40ක් වෙන්කරන බවත් ඉන්පසුව කැළණිය, කොළඹ හා මොරටුව විශ්වවිද්‍යාල වලට මෙය ව්‍යාප්ත කරන බවත් ඒ මහතා කියා සිටියේය.

ඉදිරියේදී පළාත් සභා මගින් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමටත් හැකියාව පවතින බව ද මෙහිදී ප්‍රකාශ කරයි.

ඒ අනුව විශ්වවිද්‍යාල සංඛ්‍යාව දෙගුණයකින් පමණ වැඩිවන බවත්  අධ්‍යාපනික විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන බවත් ප්‍රකාශ කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT