ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායිකා මෙග් ලැනිං ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ.
31 හැවිරිදි ඇය අවසන් වරට පසුගිය පෙබරවාරියේ දකුණු අප්‍රිකාවේ පැවති විස්සයි20 කාන්තා ලෝක ශූරතාවලියට ක්‍රීඩා කළ අතර, එහිදී ඇගේ නායකත්වයෙන් ඔස්ට්‍රේලියාව ශූරතාව දිනා ගැනීමට ද සමත් විය.
ඉන් අනතුරුව කාන්තා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව තරගාවලියකට එක් වුවද මෙග් වෛද්‍ය ගැටලුවක් හේතුවෙන් එම තරගාවලියට එක් නොවූවාය.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්ත ද කාන්තා බිග්බෑෂ් තරගාවලියේ මෙල්බර් ස්ටාර්ස් කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කරන ඇය තව දුරටත් දේශීය ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සූදානම් බව ද පවසා තිබේ.
වසර 13ක් ජාත්‍යන්තර පිටියේ රැඳී සිටි ඇය ටෙස්ට් තරග 6ක්, එක්දින තරග 103ක් සහ විස්සයි20 තරග 132කට ක්‍රීඩා කර තිබේ.