මෙවර සමස්ත ලංකා පාසල් ජූඩෝ තරගාවලියේ කිලෝග්‍රෑම් 57ට අඩු බර පන්තියේ රන් පදක්කම දිනාගත් දෙමෝදර ගවරවෙල නොම්බර 61 ඉමගලගෙදර පදිංචි ඩබ්ලියු. ඩී. අමාශි කාව්‍යා වීරසිංහ දියණිය ජපානයේ SANIX ජාත්‍යන්තර ජූඩෝ තරගාවලියට යෑමට උපකාර ඉල්ලා සිටියි.
බදුල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාසලක් වන දෙමෝදර බ/නාවුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අමාශි ක්‍රීඩා අංශය සඳහා විශේෂ දක්ෂතා දක්වන දැරියක් වන අතර, ජූඩෝ ක්‍රීඩාව සඳහා ඇය සුවිශේෂී හැකියාවක් පෙන්නුම් කරයි. 2019 වසරේදී ජූඩෝ ක්‍රීඩාව සඳහා යොමුව ඇති ඇය 2023 වන විට සමස්ත ලංකා පාසල් තරගාවලියකින් රන් පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබේ. මේ වන විට ජපානයේ ෆුකෝක හිදී 2023 දෙසැම්බර් මස 22 සිට 29 දක්වා පැවැත්වීමට නියමිත SANIX ජාත්‍යන්තර ජූඩෝ තරගාවලියට ද ඇය සුදුසු කම් ලබා තිබේ.
මේ සඳහා ගුවන් ටිකට්පත හා වීසා ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ජූඩෝ සංගමය විසින් දැනුම් දෙනු ලැබ ඇති පරිදි නොවැම්බර් මස 20 වැනි දිනට පෙර මුදල් බැඳිය යුතු බවත්, ජාත්‍යන්තර තරගාවලියකින් ලංකාවට රන් පදක්කමක් ගෙන ඒම තමන්ගේ එකම බලාපොරොත්තුව බවත් මේ සඳහා කවුරුන් හෝ උදව් උපකාර කරන ලෙසත් ඇය ඉල්ලා සිටියි.
අමාශා ක්‍රීඩිකාව සම්බන්ධයෙන් ඇගේ ක්‍රීඩා පුහුණු භාර හර්ෂණි හේරත් කුමාරි ගුරුතුමිය මෙසේ පැවසුවාය.
‘මේ දියණිය හරිම ජවසම්පන්නයි. දක්ෂතා ගොඩක් සහිත දරුවෙක්. ජූඩෝ විතරක් නෙවෙයි අනෙකුත් ක්‍රීඩා වෙනුවෙනුත් සුවිශේෂී දක්ෂතා තියෙනවා. ඇත්තටම අමාශිට ජපානයේ තරගාවලියට යන්න වරම් ලැබීමත් ලොකු දෙයක්. අපි ගොඩක් උදව් කරනවා මේ ගමන කොහොම හරි යවන්න. ඒ වුණාට මුදල් හිඟකම තමයි ලොකුවටම බලපා තිබෙන්නේ. කලිනුත් පෝලන්තයේ තරගවලට යන්න තිබුණු අවස්ථාවත් මඟහැරුණා මුදල් නැතිකම නිසා. කවුරුන් හෝ පරිත්‍යාගශීලින් පිරිසක් මේ දරුවට උදව් කළොත් මේ තරගයෙන් ලංකාවට අනිවාර්යයෙන්ම රන් පදක්කමක් ගේන්න පුළුවන්.”
මේ සඳහා ඇයගේ මවුපියන් 0788867119 අංකය ඔස්සේ සම්බන්ධ කර ගත හැකි අතර, ලංකා බැංකු බදුල්ල නගර ශාඛාවේ ඩබ්ලිව්. ඩී. අනුරංග පුෂ්පකුමාර නමින් ඇති 77815210 යන ගිණුමට ආධාර බැර කළ හැකිය.