Home » මඟුල් ගෙදර ගිය ගමන අවසන් ගමන වෙයි

මඟුල් ගෙදර ගිය ගමන අවසන් ගමන වෙයි

ත්‍රිරෝද රියැදුරු මරුට-බිරියත් දරු දෙදෙනාත් රෝහලේ

by mahesh
November 10, 2023 1:00 am 0 comment

කෑගල්ල විශේෂ - චමින්ද ජයලත්

කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල හිගුල ප්‍රදේශයේ දී පෙරේදා 08 වැනිදා සවස ත්‍රීරෝද රථයක් ලොරි රථයක ගැටී ත්‍රීරෝද රථයේ රියදුරු මිය ගොස් බිරිය හා දරුවන් දෙදෙනා තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි මාවනැල්ල පොලිසිය පැවසීය.

මෙලෙස මිය ගොස් ඇත්තේ බදුලුපිටිය වටරැක අංක 14/02 ලිපිනයේ පදිංචිව සිටි 44 හැවිරිදි ආරච්චිගේ ගෙදර සමන් බණ්ඩාර නැමැති දෙදරු පියෙකි. මිය ගොස් ඇති දෙදරු පියා 35 හැවිරිදි බිරිය අවුරුදු අවුරුදු 6ක හා මාස 18 වයසැති දරු දෙදෙනා සමඟ පෙරේදා 08 වැනි දා බදුලුපිටි යේ සිට කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල හිගුල ප්‍රදේශයේ පිහිටි විවාහ මංගල්‍යය උත්සවයකට පැමිණ ඇති බව පොලිසිය පැවසීය.

විවාහ මංගල්‍යය අවසන් වී ත්‍රීරෝද රථ රියදුරු සිය බිරිය හා දරු දෙදෙනා සමඟ සවස 4 ට පමණ ත්‍රීරෝද රථයේ යළි නිවෙස බලා‍ යන විට දී ගාල්ලේ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබුණු ලොරි රථයක ගැටී ත්‍රීරෝද රථය මාර්ගයේ පෙරලී ගොස් ඇති බව පොලිසිය පැවසීය.

අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරුවරයා ඔහුගේ බිරිය දරු දෙදෙනා තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ත්‍රීරෝද රථයේ රියදුරුවරයා මිය ගොස් ඇති බව පොලිසිය පැවසීය.

මිය ගිය පුද්ගලයාගේ බිරිය දරු දෙදෙනා මාවනැල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය පැවසීය.

ත්‍රීරෝද රථයේ රියදුරුවරයා අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම හෙතුවෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය. ලොරි රථය හා ලොරි රථයේ රියදුරුවරයා වන ගාල්ල කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටින 35 හැවිරිදි පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඊයේ 09 වැනිදා මාවනැල්ල මහේස්ත්‍රාත් අනුරාධ වීරක්කොඩි මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මාවනැල්ල පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝෂාන්ත, රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රත්නායක පොලිස් සැරයන් ජයලත් (30451) පොලිස් කොස්තාපල් සංජීව (80048) අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT