Home » යාවත්කාලීන කළ අභියාචනාධිකරණ නිල වෙබ් අඩවිය එළිදකී

යාවත්කාලීන කළ අභියාචනාධිකරණ නිල වෙබ් අඩවිය එළිදකී

by mahesh
November 10, 2023 12:55 am 0 comment

නෙල්කා මැදගෙදර

යාවත්කාලීන කළ අභියාචනාධිකරණ නිල වෙබ් අඩවිය (www.courtofappeal.lk) උපරිමාධිකරණ සංකීර්ණයේදී ඊයේ (9) එළිදැක්විණි.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාගේ ආරාධනයෙන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් මේ වෙබ් අඩවිය එළිදැක්වීම සිදු කෙරිණි. නව අභියාචනාධිකරණ වෙබ් අඩවිය මෙතෙක් පැවති වෙබ් අඩවියට වඩා නවීකරණය සහ වැඩිදියුණු කරන ලද්දකි. අභියාචනාධිකරණ නඩු කළමනාකරණ පද්ධතිය සමඟ එය සමපාත කර ඇති අතර, යාවත්කාලීන කරන ලද නඩු තීන්දු කඩිනමින් ලබා ගැනීමේ හැකියාව එමගින් ලැබෙයි.

අභියාචනාධිකරණ 10ක දෛනිකව නඩු විමසීමේ කටයුතු සිදු කෙරෙන අතර එහිදී කැඳවන ලබන නඩු සහ ඊට අදාළ නියෝග, තීන්දු සම්බන්ධයෙන් කරුණු මේ වෙබ් අඩවිය මඟින් දැනගැනීමේ හැකියාව තිබේ.අභියාචනාධිකරණයේ අධිකරණ බලය පිළිබඳව තොරතුරු එහි විනිශ්චයකාරවරුන් පිළිබඳ තොරතුරු, එහි නඩුවක් ගොනු කිරීම පිළිබඳ

තොරතුරු සහ සලසාගත හැකි නෛතික සහන පිළිබඳ තොරතුරුද අදාළ වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැකිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT