මහාචාර්ය ගුණපාල මලලසේකරයන්ගේ 124 වැනි ජන්ම දින සැමරුම ඊයේ (09) සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී පැවැත්විණි. එම ශාලාව ඉදිරිපස පිහිටි මලලසේකර පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් සැමරුම ආරම්භ වූ අතර, ප්‍රධාන දේශනය ආචාර්ය ප්‍රියන්ත නවරත්න විසින් සිදු කරන ලදී.
මේ සැමරුම් උළෙල සංවිධාන කළේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, ලෝක මහා බෞද්ධ සම්මේලනයේ ලංකා ශාඛාව සහ මලලසේකර පදනම විසිනි. එම අවස්ථාවට වෑතර මහින්ද හිමි, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර වාකිෂ්ඨ, ලෝක බෞද්ධ මහා සම්මේලනයේ ලංකා ශාඛාවේ සභාපති සුදත් දේවපුර, මලලසේකර පදනම නියෝජනය කරමින් නිර්මලී මල්ලසේකර, රජිව් මලලසේකර සහ සංජීව් මලලසේකර මහත්ම මහත්මීන් ඇතුළු කොළඹ විශාඛා විද්‍යාලය, ඩී. එස්. සේනානායක විද්‍යාලයේ සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසු දරු දැරියෝ සහභාගි වූහ.
ඡායාරූපය – නිශ්ශංක විජේරත්න