දැඩි ආරක්ෂිත ක්ෂීරපායී සතකු වන ගෝනකු ඌව වනජීවී කලාපයට අයත් බුත්තල, ඔක්කම්පිටිය පාර, 1 කණුව ප්‍රදේශයේදී උගුලක් භාවිත කර මැරීම, ගෝන මස් ළඟ තබා ගැනීම ඇතුළු වැරදි රැසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු වැල්ලවාය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් 105,000ක දඩයක් නියම කර ඇත.
ගෝන මස් වෙළෙඳාම, ප්‍රදර්ශනය කිරීම, වල්ඌරු මස් කිලෝ 31 වෙළෙඳාමට ප්‍රදර්ශනය කිරීම මේ පුද්ගලයා විසින් සිදු කර තිබේ. ඌරුමස් කිලෝව බැගින් වූ පාර්සල් 31ක්, ගෝන මස් කිලෝව බැගින් වූ පාර්සල් 13ක්, මස් කැපීමට භාවිත කරන පිහියක්, පොරොවක් සහ අධිශීතකරණයක් සැකකරු සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර, අධිශීතකරණය අධිකරණය විසින් රාජසන්තක කර ඇත.
වන සත්ත්ව අඩවි ආරක්ෂක ඩබ්. එම්. ඒ. ගුණතුංග, වන සත්ත්ව නියාමක එස්. එච්. දුමිඳු කුමාර, ක්ෂේත්‍ර සහායකවරුන් වන එල්. ඒ. ගයාන් දුෂාන්ත, කේ. අජිත් සිසිර කුමාර, රියැදුරු ඩබ්. ඒ. විකුම් ධනංජය සහ බහු කාර්ය සංවර්ධන සහායක ආර්. කේ. අජිත් රත්නායක නිලධාරීහු මේ වැටලීමට සහභාගි වූහ.