Home » කිරිඳිඔයේ සැඩ පහරට හසුවී වන අලි දෙදෙනෙක් මිය යයි

කිරිඳිඔයේ සැඩ පහරට හසුවී වන අලි දෙදෙනෙක් මිය යයි

by yasara
November 10, 2023 12:25 pm 0 comment

කිරිඳිඔයේ සැඩ ජලපහරට හසුවී මියගිය වනඅලීන් දෙදෙනෙකුගේ මළසිරුරු තෙළුල්ල ගම්වාසීන්ට හමුවී තිබෙයි.

ගම්වාසීන් විසින් කුඩාඔය පොලීසියටත් වැල්ලවාය වනජීවී කාර්යාලයටත් දැනුම්දීමෙන් අනතුරුව වනජීවී නිලධාරීන් පැමිණ බැකෝ යන්ත්‍රයකින් මෙම වන අලීන් දෙදෙනා ගොඩටගෙන තිබේ.

මෙලෙස හමු වූ වනඅලියා උසින් අඩි හයහමාරක අවුරුදු 30-32 පමණ එකෙකු වූ අතර අනෙක් වනඅලියා අඩි 06 උස අවුරුදු 20-25 අතර වයසේ පසුවිය.

මෙම වන අලින්ගේ මරණ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය අද (10)  වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරී ආනන්ද ධර්මකීර්ති මහතා විසින් පැවැත්වීමට නියමිතව ඇත

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT