Home » ජාතික වැවිලි කළමනාකරණ ආයතනයට නවක සිසුන් බඳවා ගැනීම
පරිපාලන, ඉංජිනේරු, විද්‍යාත්මක, වාස්තු විද්‍යාත්මක, ගණකාධිකාරි හා ක්‍රමසම්පාදන සේවාවල පළමු කඩඉම් විභාග සියලු තොරතුරු මේ ඉරිදා සිළුමිණ සමඟ නිකුත් කෙරෙන ගැසට් පත්‍රයේ

ජාතික වැවිලි කළමනාකරණ ආයතනයට නවක සිසුන් බඳවා ගැනීම

by mahesh
November 10, 2023 12:55 am 0 comment

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අතුරුගිරිය ජාතික වැවිලි කළමනාකරණ ආයතනයට 2023/24 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීම සඳහා වන විස්තර හා අයැදුම්පත මේ ඉරිදා (12) සිළුමිණ පුවත්පත සමඟ නොමිලේ නිකුත් කෙරෙන රජයේ ගැසට් පත්‍රයේ සඳහන්ව තිබේ.

ඊට අමතරව ශ්‍රී ලංකා පරිපාලන සේවයේ, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ, ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාත්මක සේවයේ, ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ සහ ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා හා කඩඉම් විභාගයේ ද පරිපාලන ගණකාධිකාරි හා ක්‍රමසම්පාදන සේවයේ දෙවැනි කාර්යක්ෂමතා කඩඉම් විභාගයට අයැදුම් කිරීමේ සියලු තොරතුරු ද මෙම ගැසට් පත්‍රයට ඇතුළත්ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT