Home » ප්‍රධාන ශිෂ්‍ය නායකට බැණ තර්ජනය කරලා
ඇඹිලිපිටිය විදුහල්පතිගේ පරීක්ෂණයට සාක්කි දුන්නැයි

ප්‍රධාන ශිෂ්‍ය නායකට බැණ තර්ජනය කරලා

by mahesh
November 10, 2023 12:55 am 0 comment

රක්වාන - ඉන්දික සී. කුමාර

ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා සම්බන්ධයෙන් සබරගමුව පළාත් සභාව මඟින් සිදු කරන පරීක්ෂණයකට අදාළව සාක්ෂි ලබා දීමේ සිද්ධියක් හේතුවෙන් එම විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාට ගුරුවරුන් තිදෙනකු විසින් පාසල තුළදීම බැණවැදී තර්ජනය කරනු ලැබීය.

මේ සම්බන්ධව අයි.එන්. කවිඳු මදුෂාන් සිසුවා ඇඹිලිපිටිය පොලිසියට ඉකුත්දා (06) පැමිණිල්ලක් කර තිබිණ.

විදුහලේ වර්තමාන විදුහල්පතිවරයා විසින් සිදු කළ බව පැවසෙන විවිධ විෂමාචාර ක්‍රියා රැසක් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස පාසලේ අධ්‍යාපනය ලබන සිසුන්ගේ මවුපියන් සහ වෙනත් විවිධ පාර්ශ්වවලින් සබරගමු පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශයට සහ පළාත් ආණ්ඩුකාරවරයාට ලිපි මඟින් කර තිබූ පැමිණිලිවලට අදාළව සබරගමු පළාත් සභාවේ අභ්‍යන්තර විගණන ඒකකය මඟින් පරීක්ෂණයක් සිදු කරන ලදි. එම පරීක්ෂණයට අදාළව සබරගමු පළාත් අභ්‍යන්තර විගණන ඒකකය මඟින් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාගෙන් ද ප්‍රකාශයක් ලබාගෙන ඇති බවත් එලෙස ප්‍රකාශයක් ලබා දීම සම්බන්ධයෙන් උරණ වී ඇති ගුරුවරු තිදෙනකු විසින් ප්‍රධාන ශිෂ්‍ය නායකයාට බැණ තර්ජනය කළ බව අදාළ සිසුවා පොලිසියට සිදු කළ පැමිණිල්ලේ සටහන් කර ඇති බව ද පොලිසිය පැවැසීය. එහිදී ගුරුවරු තිදෙනා විසින් තමන්ව ප්‍රධාන ශිෂ්‍ය නායක ධුරයෙන් සහ පාසලෙන් ඉවත් කරන බවට පවසා බැණ තර්ජනය කළ බව අදාළ සිසුවා පොලිසියට පවසා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT