Home » රුපියල් 50000ක අල්ලස් ගත් වන නිලධාරියා අත්අඩංගුවට

රුපියල් 50000ක අල්ලස් ගත් වන නිලධාරියා අත්අඩංගුවට

by mahesh
November 10, 2023 1:00 am 0 comment

සුභාෂිණී සේනානායක

රුපියල් 50000ක අල්ලස් මුදලක් ලබා ගැනීමේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මොරාන බීට්ටු වන නිලධාරියකු අල්ලස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

සියඹලාණ්ඩුව පදිංචිකරුවකු සිදු කර ගෙන යනු ලබන හේන් වගාව අනවසර හේන් වගාවක් යැයි පවසමින් ඒ සදහා නීති මඟින් කටයුතු කිරිමේදී දඩ මුදල අවම කිරිම සදහා එක් ඉඩම් කොටසකට රුපියල් 25000 බැගින් ඉඩම් කොටස් දෙකට රුපියල් 50000ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා එම මුදල ලබා ගන්නා අවස්ථාවේදී සැකකාර නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර නිලධාරියා අල්ලස් මුදල ලෙස රුපියල් 50000ක මුදල් සියඹලාණ්ඩුව බීට්ටු වන කාර්යාලයේදී ලබා ගනිද්දී අල්ලස් කොමිසමේ නිලධාරින් සිය භාරයට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව කොමිසමේ නිලධාරියෙක් පැවැසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT