මෙරට සමස්ත ජනතාව ඉල්ලා සිටින්නේ දූෂිත ක්‍රිකට් පරිපාලනය ඉවත්විය යුතුය යන ඉල්ලීම බැවින් ක්‍රිකට් පරිපාලනය ගෞරවාන්විතව ඉල්ලා අස්විය යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) ප්‍රකාශ කළේය.
ක්‍රිකට් ක්‍රීඩාව මේ තත්ත්වයට පත්ව ඇත්තේ දූෂිත පරිපාලනය හේතුවෙන් බව ද ඇමැතිවරයා පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද පැවසීය.
ක්‍රිකට් බෝඩ් එකට සුඛෝපභෝගි වාහන 24ක් තිබෙනවා. තවත් වාහන 13ක් රුපියල් ලක්ෂ ගණන්වලට කුලියට ගෙන තිබෙනවා. අයි. පී. එල්. වංචාව. එහි ප්‍රචාරක කටයුතු කිසිවකට කිසිඳු අනුමැතියක් ගෙන නැහැ.
කේ. ටී. චිත්‍රසිරි මහතාගේ වාර්තාව අනුව අවශ්‍ය පියවර ගන්න කියා ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. ක්‍රීඩාව නියාමනය කිරීම සඳහා ආයතනයක්, ක්‍රීඩා සඳහා වන ගිවිසුම් ආර්ථිකයක් සකස් කිරීම ආදී කරුණුත් ඇතුළත් කරමින් පනත සකස් කර අවසන්. මෙම කමිටුව වෙත ඉදිරිපත් කරනවා.
අපේ රටේ අධිකරණ පද්ධතිය පිරිසිදුයි. පිවිතුරුයි. නමුත් එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරදි වැඩ නිසා සියලු දෙනාම අපකීර්තියට පත් වෙනවා. මේ රටේ ක්‍රිකට් තිබෙන තැන කොතනද?
ක්‍රිකට් පරාජයන්වලට වගකිව යුත්තේ ක්‍රිකට් පරිපාලනය. අන්තිම තැනට වැටුණා.