HDFC SALARY SAVER ඉතුරුම් ගිණුම ඉකුත්දා කොළඹදී හඳුන්වා දුනි. ඒ වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවට එහි ප්‍රධාන විධායක නිලධාරි නිශාමන් කරුණාපාල, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සී. ආර්. ඩී බාලසූරිය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ( නීති) සුදිස්නා පෙරේරා, ව්‍යාපාර ප්‍රවර්ධන කළමනාකාර කමල් පෙරේරා යන මහත්ම, මහත්මීන් ඇතුළු ඉහළ නිලධාරින් රැසක් එක්ව සිටියහ. සංකේතාත්මකව එම ගිණුම් ප්‍රාදේශීය ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරින්ට බෙදා දීමත් එහිදී සිදු කෙරිණ.
සාමාන්‍ය ඉතුරුම් ගිණුම් වලට වඩා වැඩි ඉහළම පොලී අනුපාතයක්, වෙළෙඳපොළ ස්ථාවර පොලී අනුපාත මත පදනම්ව පොලී අනුපාත සංශෝධනය කිරීම්, දිනපතා පොලිය ගණනය කර, මාසිකව ගිණුමට බැර කිරීම් සමඟ නොමිලයේ ATM කාඩ්පතක් ඇතුළු පහසුකම් රැසක් සලසන මෙයින් නිවාස, පුද්ගලික, රන්, ව්‍යාපාරික ණය ඇතුළු ලීසිං සඳහා විශේෂ පොලී අනුපාත මේ හරහා සැලසේ. එදින වැඩිදුරටත් අදහස් දැක්වූ එහි ප්‍රධාන විධායක නිලධාරී නිශාමන් කරුණාපාල මහතා පැවසුවේ, ආකර්ෂණීය වැඩි පොලියක් පිරිනමන මේ ගිණුම හරහා ඉදිරියේදී විවිධ සහන ණය දීමටත් අපේක්ෂා කරන බවය. එසේම, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී බාලසූරිය මහතා කියා සිටියේ, ‘ දශක 4ක් මෙරට නිවාස මූල්‍ය ක්ෂේත්‍රයේ ඉහළින්ම සිටින HDFC බැංකුව අඩු හා මධ්‍ය ආදායම්ලාභී ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා හඳුනාගෙන සේවය කරන අභිමානවත් රාජ්‍ය බැංකුවක්. රාජ්‍ය ආයතනයක් විදියට ලාභ ලැබීම පමණක් නොවෙයි, නිවාස හා ඒ ආශ්‍රිත මෙයින් විශේෂ කාර්යභාරයක් ඉටු කෙරෙනවා. ඉන් ඉහළ ජීවන තත්ත්වයක් සඳහා මඟ පෑදෙනවා. ඉතිරි කිරීම් ඇතුළු සේවා හරහා ජනතා මූල්‍ය අවශ්‍යතා හඳුනාගෙන ගනුදෙනුකරුවන් අතරටම ගොස් කටයුතු කිරීමත් සුවිශේෂතාවක්. HDFC ඉතා කුඩාවට ඇරඹුවේ නිවාස සංවර්ධන සමිතියක් විදියටයි. අද වන විට මෙය විශාල බැංකුවක්. මේ වසරේදීත් අපි රුපියල් මිලියන 1300කට වඩා ලාභ ලබා තියෙනවා…’මෙහිදී ව්‍යාපාර ප්‍රවර්ධන කළමනාකාර කමල් පෙරේරා මහතා ද අදහස් දැක්වූයේ, අද අපි අභිමානවත් SALARY SAVER ගිණුම හඳුන්වා දෙනවා. එය දිගු කාලීන වෑයමක ප්‍රතිඵලයක්. අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු තොරතුරු තාක්ෂ්ණ, මෙහෙයුම්, පරිපාලන, විගණන, නීති ආදී අපේ විවිධ අංශවල සහාය එහිදී ලැබුණා. වැඩි පොලියක් දෙන ණයක් ගැනීමේදී පහසුවක් වන HDFC SALARY SAVER ගිණුමක් ඇරඹීමෙන් මහජනතාවට සුවිශාල වාසියක් සැලසෙනවා…’ වශයෙනි.