Home » William Angliss Institute @ SLIIT ජාත්‍යන්තර මට්ටමේ හෝටල් අධ්‍යාපනයකට දොරටු විවර කරයි

William Angliss Institute @ SLIIT ජාත්‍යන්තර මට්ටමේ හෝටල් අධ්‍යාපනයකට දොරටු විවර කරයි

by mahesh
November 10, 2023 1:00 am 0 comment

ලංකාවේ විශාලතම හෝටල් පාසල වන William Angliss Institute @ SLIIT විසින් මෙරට ආගන්තුක සත්කාර හා හෝටල් ක්ෂේත්‍රයේ වැදගත්කම අවධාරණය කිරීමේ අරමුණින් සංවිධානය කළ මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉකුත්දා මාල‌බේ SLIIT පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය හා ආයතනික හවුල්කරුවන් ඇතුළුව විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් නොවැම්බර් 07 වැනිදා පැවැත්වුණු එම වැඩසටහනේදී, William Angliss Institute @ SLIIT මඟින් පවත්වනු ලබන, හෝටල් ක්ෂේත්‍රය සඳහා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් වැදගත් පාඨමාලා ගණනාවක් පිළිබඳව දැනුවත් කිරීම සිදු කෙරිණි.

මාලබේ SLIIT පරිශ්‍රය තුළ පිහිටුවා ඇති, William Angliss Institute @ SLIIT ආයතනය, ඔස්ට්‍රේලියාවේ William Angliss Institute (WAI) හි හවුල්කාර ආයතනයක් වන අතර, මෙරට විශාලතම හෝටල් පාසල ලෙස William Angliss Institute @ SLIIT, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛපෙළේ සුඛෝපභෝගී හෝටල් සමාගමක් වන Resplendent Ceylon සමඟින් අත්වැල් බැඳ ගනිමින් “The Resplendent Academy by William Angliss Institute @ SLIIT” පිහිටුවීමටද පියවර ගෙන තිබේ. හෝටල් ක්ෂේත්‍රයේ පිළිගත් විශ්වවිද්‍යාලයක් ලෙසින්, සිසුන්ට උද්‍යෝගිමත් ඉගෙනුම් පරිසරයක් හරහා මෙම තරඟකාරී ක්ෂේත්‍රය වෙත පිවිසීමට හැකියාව සලසමින්, නොවැම්බර් 14 වැනිදා පටන් Cape Weligama, a Relais & Chateaux resort පරිශ්‍රයේදී එහි අධ්‍යාපනික මෙහෙයුම් ඇරඹීමට නියමිතය.

ලොව වේගයෙන්ම වර්ධනය වන ක්ෂේත්‍රයක් වන හෝටල් ක්ෂේත්‍රය තුළ, පළපුරුදු වෘත්තිකයින් සඳහා මෙන්ම ආධුනික වෘත්තිකයින් සඳහා ද පවතින ඉහළ ඉල්ලුමට සමගාමීව, මෙම ක්ෂේත්‍රය තවත් වෘත්තීය අවස්ථා විශාල ප්‍රමාණයක් දක්වා වර්ධනය වෙමින් පවතී. ක්ෂේත්‍රයේ විශේෂඥයින් සඳහන් කරන ආකාරයට, සුදුසුකම් ලත් නිපුණ වෘත්තිකයින් සඳහා වර්තමානයේ පවතින ඉල්ලුමද අනාගතයේදී විශාල වශයෙන් වැඩි වේ. ඊට සමගාමීව හෝටල් සඳහා ආහාර පිසීම, සංචාර හා සංචාරක කළමනාකරණය, උත්සව කළමනාකරණය, සත්කාරක කළමනාකරණය සහ පේස්ට්‍රි ආදී අංශවල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතාවද තවත් වැඩිවනු ඇත.‍ ඒ අනුව, හෝටල් ක්ෂේත්‍රය සඳහා මෙරට සිසුන් විධිමත් ලෙස සන්නද්ධ කෙරෙන පිළිගත් ආයතනයක් ලෙසින්, William Angliss Institute @ SLIIT, ක්ෂේත්‍රය තුළ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අනාගත වෘත්තීය දොරටු විවර කිරීමේ අරමුණෙන් ස්ථාපිත කෙරෙන ආයතනයකි.

William Angliss Institute @ SLIIT මඟින්, හෝටල් ක්ෂේත්‍රයේ පවතින දේශීය හා ජාත්‍යන්තර ඉල්ලුම සපුරාලන පරිදි ක්ෂේත්‍රයේ හොඳම අධ්‍යාපනය සහ පුහුණුව ලබා දී සිසුන් කුසලතා, දැනුම සහ ආකල්පවලින් සන්නද්ධ කිරීම අපේ අරමුණයි. මේ හරහා ඔවුන් වෙනුවෙන් පරිපූර්ණ ඉගෙනුම් අත්දැකීමක් පිරිනැමීමට අපි කැප වෙනවා. ඊට, විශිෂ්ටතම අධ්‍යාපනය තිළිණ කිරීම මෙන්ම, සිසුන් ප්‍රායෝගිකව ක්ෂේත්‍රයට යොමු කිරීම, එහි නියැළීම වගේම ඔවුන්ගේ පෞරුෂ සංවර්ධනයත් ඇතුළත්. William Angliss Institute @ SLIIT හි කළමනාකාර අධ්‍යක්ෂ අනුක් වීරසිංහ මහතා පවසයි.

William Angliss Institute @ SLIIT හි කළමනාකාර අධ්‍යක්ෂ, අනුක් වීරසිංහ, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික නිව්රාන් වීරකෝන්, අධ්‍යයන කටයුතු සහ ව්‍යාපාර සංවර්ධන-නියෝජ්‍ය මධ්‍යස්ථාන අධ්‍යක්ෂ රවීන්ද්‍ර රංජිත්, විකුණුම් සහ අලෙවිකරණ සහකාර අධ්‍යක්ෂ කිරන් චාන්ඩ්, William Angliss Institute Melbourne නියෝජනය කරමින් පැමිණ සිටි, ස්ටීවන් බ්‍රැඩි-මයිල්ස් සහ මූල්‍ය හා මෙහෙයුම් නියෝජ්‍ය මධ්‍යස්ථාන අධ්‍යක්ෂිකා ගයානි ජයතිලක විසින් මෙහි මුලසුන හොබවන ලදී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT