Home » කොස්මල්ලීගේ ගෝලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට

කොස්මල්ලීගේ ගෝලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට

by yasara
November 10, 2023 1:18 pm 0 comment

ගල්කිස්ස – බඩෝවිට ප්‍රදේශයේ දී අපරාධයක් සිදුකිරීමේ අරමුණින් නිවසක රැඳී සිටි පුද්ගලයින් සිව් දෙනෙකු ඊයේ(09) අත්අඩංගුවට ගෙන තිබෙයි

ඔවුන් ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන “කොස් මල්ලී ” නැමැත්තාගේ ගෝලයින් සිව්දෙනෙක් බවටයි අනාවරණ වී ඇත.

මෙම අපරාධ කල්ලිය පසුගිය අගෝස්තු මස 19 වනදා දෙහිවල ඕබන් පෙදෙසේ දී තවත් පාතාල කල්ලි සාමාජිකයෙකු වන “ඇටයා සහ සැන්ඩෝ” දෙදෙනා ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබුණි

වෙඩි ප්‍රහාරයෙන් අදාළ පුද්ගලයින් දෙදෙනා ජීවිතය බේරාගෙන තිබූ නමුත් ඒ අසල සිටි නගරසභා සේවකයෙකුගේ කකුලකට වෙඩි වැදී තිබුණි.

සැකකරුවන් ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT